අයර්ලන්ත ප්‍රබල පිතිකරුවා ගාල්ලේ දී ටෙස්ට් සංචිතයට එක් වෙයි

අයර්ලන්ත කණ්ඩායමේ උප නායක පෝල් ස්ටර්ලින්ග් අයර්ලන්ත ටෙස්ට් සංචිතය සමග ගාල්ලේ දී එක් වී තිබෙනවා.

ඊයේ (20) රාත්‍රී කාලයේ දී ඔහු සංචිතය සමග එක් වී ඇති අතර, අද දිනයේ දී ඔහු සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් කටයුතු සදහා ද එක් වූ බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු නිමා වූ අයර්ලන්ත කණ්ඩායමේ බංග්ලා‍දේශ තරග සංචාරයේ සීමිත පන්දුවාර තරගාවලි සදහා පමණක් ක්‍රීඩා කළ අතර, පසුව යළි සිය රට බලා පිටත්ව ගියා.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගය සදහා මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ද ස්ටර්ලිග්න් ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහුව දෙවැනි ටෙස්ට් තරගය සදහා වන අයර්ලන්ත සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Comments (0)
Add Comment