අමීර් සහ හැරිස් එංගලන්ත සංචාරයට බෑ කියයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ පිතිකරු හැරිස් සොහයිල් එළඹෙන එංගලන්ත තරග සංචාරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතු පදනම් කර ගනිමින්.

පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග 3කට සහ 20යි 20 තරග 3කට එක් වීම සදහා අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතයි.

මොහොමඩ් අමීර් මෙම තරග සංචාරයට එක් නොවීමට තීරණය කර ඇත්තේ ඔහුගේ බිරිද අගෝස්තු මාසයේ දී දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවීම හේතුවෙන්.

හැරිස් සොහයිල් ද සංචාරයට එක් නොවන්නේ පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ක්‍රීඩකයින් 28 දෙනෙකු සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු සහය කාර්ය මණ්ඩල නිළධාරීන් 14 දෙනෙකු ද තරග සංචාරය සදහා එක් වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

PAKISTAN TOUR OF ENGLAND
Comments (0)
Add Comment