අභිෂේක් ස්ථාන 38 කින් ඉදිරියට

නවතම පන්දුවාර විස්සයි 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 38 කින් ඉදිරියට පැමිණීමට අභිෂේක් ෂර්මා සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව හා එංගලන්තය අතර පැවැති පස්වැනි විස්සයි 20 තරගයේදී ඔහු පන්දු 54 කින් ලබා ගත් ලකුණු 135 හේතුවෙන්.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ තිලක් වර්මාට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

Comments (0)
Add Comment