ලක්නව් තණතීරුව පන්දු යවන්නන්ට උචිත ස්වභාවයක් ගත් බැවින් නෙදර්ලන්තයට එරෙහි තරගය අවසන් පන්දුවාර කිහිපය දක්වා රැගෙන යමින් තරගය ජය ගැනීමට තමා සැලසුම් කළ බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු සධීර සමරවික්‍රම පවසනවා.
නෙදර්ලන්තය පරදා කඩුලු පහක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 262 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
සධීර නොදැවී ලකුණු 91(107) ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට මෙවර තරගාවලියේ පළමු ජය තහවුරු කර දුන්නා. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්. මැදපෙල ගොඩ නැගුණු ලකුණු 50 ට වැඩි සම්බන්ධතා තුනක් සදහා ද සධීර සිය දායකත්වය ලබා දුන්නා.
“ඇත්තටම ගොඩක් අමාරු වුණා පිතිකරණයේ යෙදෙන්න ඒ වෙලාවේ. මොකද අපි දැක්ක ඒ ගොල්ලන්ගේ පන්දු යවන්නන් ඉතාමත් හොදින් පන්දු යැව්වා සහ විකට් එකේ ගොඩක් සපෝර්ට් එක ඒගොල්ලන්ට තිබ්බා.” යනුවෙන් සධීර කියා සිටියා.
“ඉතිං මම එන හැම ක්‍රීඩකයෙක්ටම කිව්වේ මේක ඕවර් 40 න් 42 න් ගහල ඉවර කරන්න ලේසි නෑ. මේක අපි පුලුවන් තරම් ඩීප් ගෙනියලා දිනන්න බලන්න ඕනෙ. මොකද විකට් එකත් එක්ක අලුත් පිතිකරුවෙක්ට ඇවිල්ලා සෙට් වෙන්න ලේසි නෑ. ඉතිං බැලුවෙ හැමවෙලාවෙම අන්තිම ඕවරේ, ඕවර් දෙක වෙනකම් මැච් ගෙනල්ලා එතනින් කොහොම ද මැච් එක දිනන්නෙ කියලා. ”
ශ්‍රී ලංකාව පන්දු යවන අවස්ථාවට වඩා නෙදර්ලන්තය පන්දු යවන විට පන්දු යවන්නන්ට වැඩි වාසි දායක තත්ත්වයක් පැවැති බව ද සධීර පෙන්වා දුන්නා.
ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ප්‍රබල කණ්ඩායම් සමග තරග කිරීමට සිදු වන බවත්, තරගාවලියේ තවදුරටත් රැදී සිටීමටනම් ඉදිරියේ දී වැරැදි සිදු කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් සධීර සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක් වූ සධීර සමරවික්‍රම –