2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
අද සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට රටවල් 20 ක් ක්‍රීඩා කරන අතර, තරග 55 කට පසු නවතම විස්සයි 20 ලෝක ශූරයා ශූරතා කුසලානය ඔසවනු ඇති.
ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී මෙවර පැවැත්වෙන තරගාවලියේ විකාශන තොරතුරු මේ වන විට අයි.සී.සීය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව තුළ Star Sports නාලිකාව හරහා තරගාවලිය සජීවීව විකාශය කිරීමට නියමිතයි. ඉන්දියාව තුළ ඩිජිටල් විකාශනය සිදු වන්නේ JioHotstar හරහායි. ඉංග්‍රීසි, හින්දි, දෙමළ, තෙලුගු හා කන්නඩ යන භාෂා හරහා සියලු තරග විකාශය කෙරෙනවා.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය හා මාලදිවයින යන රටවල්වල ප්‍රේක්ෂකයින්ට ද Star Sports හරහා තරග නැරඹිය හැකියි.
ශ්‍රී ලංකාව තුළ නිල විකාශන අයිතිය ලබා ගෙන ඇත්තේ Dialog TV ආයතනයයි.
ඒ අනුව ThePapare.com වෙබ් අඩවිය හා Dialog Play යෙදුම හරහා ද තරග නැරඹිය හැකියි. සියලු තරග සිංහල භාෂාවෙන් ද (ThePapare 1) නැරඹීමේ අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.
තරගාවලිය ගෙවීම් නොමැති (free-to-air) රූපවාහිනී මාර්ග ඔස්සේ නැරඹීමට අවස්ථාව උදා වන්නේ TV Supreme හරහායි. PEO TV ඔස්සේ ද Star Sports නාලිකාව හරහා තරග නැරඹිය හැකියි.
සියලු රටවල්වල විකාශන තොරතුරු දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න