ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් 20යි 20 තරගාවලිය අද(3) මුම්බායි හී දී ආරම්භ වනවා.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
දෙවැනි 20යි 20 තරගය එළඹෙන 5 වැනිදා පූනේ හී දී ද, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 7 වැනිදා රාජ්කොට් හී දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වැනිදා ගුවහාටි හී දී යි.
ජනවාරි 12 වැනිදා හා 15 වැනිදා දෙවැනි හා තෙවැනි එක්දින තරග පිළිවෙලින් කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතයි.
අද තරගය සදහා වර්ෂාවෙන් කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති බවට අනාවැකි පලව ඇති අතර, මුම්බායිහි උෂ්ණත්වය 20°C ක පමණ අගයක් ගනු ඇති.
අද තරගයේ දී චාමික කරුණාරත්න හා ඩිල්ෂාන් මදුෂංක යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වුව ද අවිශ්ක ප්‍රනාන්දුට බොහෝ විට අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.
ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.
තරගාවලියේ මෙරට රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Supreme TV නාලිකාවටයි.
Dialog TV (Channel No 20), Freesat (Channel No 17) හා PEO TV (Channel No 140) ඔස්සේ ද එම නාලිකාව හරහාම මෙම තරග සංචාරය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට මෙවර උදා වීම විශේෂත්වයක්.
ඊට අමතරව Star Sports 1 නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි.
එමෙන්ම Dialog ViU App හා PEO TV GO App ඔස්සේ ද තරග නැරඹීමේ අවස්ථාව හිමි වනවා.
[…] – Source – […]
[…] – Source – […]