ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රිකට් තරු රැසක් පිරිවරාගෙන World Championship of Legends විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙනවා.
එහිදී Leicester හී Grace Road ක්‍රීඩා පිටියේදී පැවති තරගයෙදී Australia Champions කණ්ඩායම පරාජය කරමින් කඩුලු 10 ක විශිෂ්ට ජයග්‍රහනයක් වාර්තා කිරීමට Pakistan Champions කණ්ඩායම සමත්වුනා. එම තරගයේදී සයීඩ් අජ්මාල් විශිෂ්ට පන්දුයැවීමක නිරත වීම කැපී පෙණුනා.
කාසියේ වාසිය දිනාගත් Pakistan Champions කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Australia Champions කණ්ඩායමට සාර්ථක ඉනිමක් දියත් කිරීමට හැකියාවක් ලැබුනේ නැහෑ. මුලු ලකුනු පුවරුව 74 ක්ව තිබියදී ඔවුන්ගේ කඩුලු 10 ම බිඳ හෙලීමට පාකිස්තාන හිටපු පන්දුයවන්නන් සමත්වුනා.
එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වු දඟ පන්දුයවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් ලකුනු 16 කට කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත්වුනා. ඉමාඩ් වසීම් කඩුලු 2 ක් බිඳ හෙලුවා.
Australia Champions කණ්ඩායම දුන් ලකුනු 74 ක ඉලක්කය පන්දුවාර 7.5 ක් තුල පහසුවෙන් හඹා යාමට Pakistan Champions කණ්ඩායම සමත්වුනා.
— cric sl (@cricslvideo) July 30, 2025
— cric sl (@cricslvideo) July 29, 2025