සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකා සංචාර සදහා නෙදර්ලන්ත සංචිතය නම් කෙරේ

එළඹෙන සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකා එක්දින තරග සංචාර සදහා වන නෙදර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ස්කොට් එඩ්වඩ්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නෙදර්ලන්ත කණ්ඩායම මාර්තු 21 වැනිදා සිට 25 වැනිදා දක්වා හරාරේ හී දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ඔවුන් දකුණු අප්‍රිකාවට පිටත්ව යන්නේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එක් තරගයක් පමණක් පවත්වා අතරමගදී නතර කෙරුණු තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ක්‍රීඩා කිරීම සදහායි.

මෙම එක්දින තරග පහම අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් වනවා.

සංචිතයට නම් කර ඇති Colin Ackermann, Brandon Glover හා Bas de Leede දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

Wesley Barresi හා Aryan Dutt සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරග 3 ක්‍රීඩා නොකරන බව ද සදහන්.

Netherlands squad :

Scott Edwards (c & wk), Colin Ackermann, Musa Ahmad, Shariz Ahmad, Wesley Barresi, Tom Cooper, Aryan Dutt, Brandon Glover, Vivian Kingma, Fred Klaassen, Ryan Klein, Bas de Leede, Roelof van der Merwe, Paul van Meekeren, Teja Nidamanuru, Max O’Dowd, Vikramjit Singh.

Comments (0)
Add Comment