ඉන්දියාව සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 66 කින් ජය ගනිමින් පූර්ණ එක්දින තරගාවලි පරාජයකින් ගැලවීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(27) සමත් වුණා.
කෙසේ වෙතත්, දෙරට අතර පැවැති තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.
රාජ්කොට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 352 ක් රැස් කළා.
ඩේවිඩ් වෝනර් පන්දු 34 කින් ලකුණු 56 ක් ද, මිචෙල් මාෂ් පන්දු 84 කින් ලකුණු 96 ක් ද ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා.
ස්ටීවන් ස්මිත් ලකුණු 74(61) ක් හා මර්නස් ලබුෂේන් ලකුණු 72(58) ක් ලබා ගනිමින් මැදපෙල ශක්තිමත් කළා.
පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 81 කට කඩුලු 3 ක් දවා ගත්තා. කුල්දීප් යාදව් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 48 ක් ලබා දෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 49.4 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණයි.
රෝහිත් ෂර්මා පන්දු 57 කින් වේගවත් ලකුණු 81 ක් රැස් කළා. ඔහු සමග ඉනිම ආරම්භ කළ වොෂින්ටන් සුන්දර් ලබා ගත්තේ ලකුණු 18 ක් පමණයි.
විරාත් කෝලි ලකුණු 56 ක් හා ෂ්රෙයස් අයියර් ලකුණු 48 ක් රැස් කළා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 35 යි.
පන්දු යැවීමේ දී ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගත්තා.
Can't 🅼🅰🆇 that catch🔥☝️#IndiaCricketKaNayaGhar #TeamIndia #IDFCFirstBankODITrophy pic.twitter.com/f8DVpvcMZr
— JioCinema (@JioCinema) September 27, 2023