මැතිව්ස්ගේ ශතකය ශ්‍රී ලංකාවට යළි බලාපොරොත්තුවක් ගෙනෙයි

Tea Repot

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක සිව්වැනි දිනය මේ වන විට ක්‍රයිස්චර්ච්හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 251 ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් මේ වන විට නොදැවී ලකුණු 108 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු 229 කින් වාර්තා වී ඇති මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ද ඇතුළත්. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 25 යි. ඔවුන් දෙදෙනා අතර මේ වන විට ලකුණු 51* (64) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබෙනවා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව ලකුණු 101 ක් රැස් කළේ එක් කඩුල්ලක් පමණක් දැවී යමින්.

නව පන්දුව ලබා ගැනීමත් සමග දිනේෂ් චන්දිමාල් ලකුණු  42 කට දවා ගැනීමට ටිම් සවුති සමත් වුණේ ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින්. (දර්ශන පහතින්) මැතිව්ස් හා චන්දිමාල් අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 105 (218) ක්.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 6 (32) කට දවා ගැනීමට බ්ලෙයාර් ටික්නර් සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 355 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 373 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 233 ක්.

Comments (0)
Add Comment