ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පිරිසක් හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය හා අනාගතය සම්බන්ධයෙන් මෙහිදී සාර්ථක කතාබහක් සිදු වූ බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
“රටේ වඩාත්ම ආදරය කරන ක්‍රීඩාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහාය ඇතිව තවත් ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට තීන්දු කළා.”
යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.