කණ්ඩායම් දෙකක් ලෙස ඇෆ්ඝනිස්තානය හෙට දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම හෙට(22) දිවයිනට පැමිණෙනවා.

කණ්ඩායම් දෙකක් ලෙස ඔවුන් මෙරටට ළගා වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව පළමු කණ්ඩායම පෙරවරු 8.30 ට ද, දෙවැනි කණ්ඩායම පෙරවරු 10.40 ට කටුනායක ගුවන් තොටුපොල වෙත ළගා වනු ඇති.

හෂ්මටුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ගුල්බදීන් නයිබ් හා මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නොමැති 18 හැවිරිදි නූර් අහ්මඩ් ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

Also Read : ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට සිට

සංචාරයේ දී දෙරට අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය එළඹෙන 25 වැනිදා ද, දෙවැනි එක්දින තරගය එළඹෙන 27 වැනිදා ද, තෙවැනි එක්දින තරගය එළඹෙන 30 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

AFG Squad:

Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Rahmanullah Gurbaz (wk), Azmatullah Omarzai, Fareed Ahmad, Fazalhaq Farooqi, Gulbadin Naib, Ibrahim Zadran, Ikram Alikhil (wk), Mohammad Nabi, Mujeeb Ur Rahman, Najibullah Zadran, Noor Ahmad, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia-ur-Rehman

Comments (0)
Add Comment