එංගලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සිම්බාබ්වේ දේශයෙන් ජාත්‍යන්තර පිටියට

සිම්බාබ්වේ හි උපත ලද එංගලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ගැරී බැලන්ස් සිම්බාබ්වේහි දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම සදහා වසර දෙකක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමෙන් ඔහුව නිදහස් කිරීමත් සමගයි 33 හැවිරිදි බැලන්ස් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සමග මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ.

ගැරී බැලන්ස් විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව යෝක්ෂයර් කණ්ඩායම අදාළ තීරණය ගෙන තිබුණා.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් හා එක්දින තරග 16 ක් ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, බැලන්ස් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ මීට වසර 5 කට පෙර, එනම් 2017 වසරේ දී යි.

big 3