අරවින්දගේ කමිටු නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන බවට ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්

අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් සිදුකරන නිර්දේශ එළඹෙන සිකුරාදා(12) සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

ඒ අනුව සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බව ද හෙතෙම කියා සිටියා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment