ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පළමු වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට

මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් විසින් හිමි කර ගෙන තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ දී පිත්තෙන් ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

මැතිව්ස් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 199ක් රැස් කළ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ඔහු ටෙස්ට් තරග දෙකෙදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 344ක්.

2021 වසරේ ජනවාරි මාසයේ දී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් හදුන්වා දීමෙන් පසුව එය හිමි කර ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි මැතිව්ස් ඉතිහාසගත වන්නේ.

ඔහුට අමතර මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්.

Comments (0)
Add Comment