ගමන් මලු නොමැති වීම නිසා ඉන්දු – කොදෙව් දෙවැනි 20යි 20 අර්බුදයක
සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (1) පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ආරම්භ කිරීම පැය දෙකකින් ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ශාන්ත කිට්ස් හි Basseterre හි Warner Park ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමටයි මීට පෙර නියමිතව තිබුණේ.
කෙසේ වෙතත්, පළමු 20යි 20 තරගය පැවැති ට්‍රිනිඩෑඩ් සිට ශාන්ත කිට්ස් වෙත කණ්ඩායම්වල වැදගත් ගමන්මලු රැගෙන යාමේ ප්‍රමාදයක් හේතුවෙන් තරගය ආරම්භ කිරීම මෙරට වේලාවෙන් රාත්‍රී 10 දක්වා කල් දැමීමට සිදුව තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගයෙන් ජය ගත් ඉන්දියාව තරග 1-0ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
දෙවැනි හා තෙවැනි තරග Basseterre හී දී පැවැත්වීමෙන් අනතුරුව සිව්වැනි හා 5 වැනි 20යි 20 තරග ක්‍රීඩා කිරීම සදහා කණ්ඩායම් දෙක අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙත ගමන් කිරීමට නියමිතයි.
එම තරග දෙකම අමෙරිකාවේ පැවැත්වීම අර්බුදයකට ලක්ව ඇත්තේ කණ්ඩායම් දෙකේම සාමාජිකයින් සදහා අමෙරිකානු වීසා මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්.