Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ ; නායකත්වය තවදුරටත් අර්වින්ට

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගාවලියේ දී ද සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය ක්‍රෙයිග් අර්වින්ට පැවරී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අර්වින් පළමු වරට එරට කණ්ඩායමේ නායකත්වය දැරුවේ පසුගිය අගෝස්තු – සැප්තැම්බර් මාසවල සිදු කෙරුණු අයර්ලන්තය හා ස්කොට්ලන්ත තරග සංචාරවලදීයි.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතයට මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති ආරම්භක පිතිකරු Takudzwanashe Kaitano හා කඩුලු රකින ක්‍රීඩක Clive Madande නම් කර තිබෙනවා.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක Tino Mutombodzi යළි සංචිතයට කැදවීමට ද තීරණය කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් තරග 3කින් යුත් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16,18 හා 21 යන දිනවලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම අද(8) දිනයේ දී ශ්‍රී ලංකාව බලා පිටත් වන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ZIMBABWE SQUAD FOR SRI LANKA TOUR 2022:

Ervine Craig (c), Burl Ryan, Chakabva Regis, Chatara Tendai, Jongwe Luke, Kaitano Takudzwanashe, Madande Clive, Madhevere Wessly, Masakadza Wellington, Mutombodzi Tinotenda, Muzarabani Blessing, Ngarava Richard, Raza Sikandar, Shumba Milton, Williams Sean

Leave a comment