කොදෙව්වන්ට කඩුලු 9 ජයක් – Match Report

0 140

ඇෆ්ඝනිස්තානය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (29) සමත් වුණා.

ඉන්දියාවේ ලක්නව්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 187ක් ලබා ගත්තා.

අනතුරුව කොදෙව්වන් සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 277ක්.

සිය දෙවන ඉනිම වෙනුවෙන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 120ක් රැස් කළා.

තරගය ජය ගැනීම සදහා හිමි වූ ලකුණු 31 ඉලක්කය කොදෙව්වන් පන්දුවාර 6.2ක් අවසානයේ පසු කළේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් මෙම තරගයේ දී කඩුලු 10ක් දවා ගත් Rahkeem Cornwall තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

You might also like

Leave A Reply

Your email address will not be published.