මාලිංග, දිමුත්, තිසර ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සම්මානයෙන් පිදුම් ලබයි

0 167

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය අද බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

එහිදී ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, මෙවර විශේෂත්වය වූයේ වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනැමීමට කටයුතු නොකිරීමයි.

වසරේ ටෙස්ට් පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න සම්මාන දිනා ගත් අතර, ටෙස්ට් පන්දු යවන්නා ලෙස දිල්රුවන් පෙරේරා සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ධනංජය ද සිල්වායි.

වසරේ එක්දින පිතිකරු ලෙස කුසල් ජනිත් ද, වසරේ එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග ද, වසරේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරා ද සම්මාන හිමි කර ගත්තා.

වසරේ 20යි 20 පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ ද තිසර පෙරේරායි.

වසරේ හොදම 20යි 20 පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංගටත්, වසරේ හොදම 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඉසුරු උදානටත් සම්මාන හිමි වුණා.

වසරේ එක්දින පිතිකාරිණිය, තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ 20යි 20 පිතිකාරිණිය ලෙස සම්මාන දිනා ගත්තේ චමරි අතපත්තු ක්‍රීඩිකාවයි.

ඕෂදී රණසිංහ වසරේ එක්දින පන්දු යවන්නිය ලෙස සම්මාන දිනා ගත්තා.

වසරේ 20යි 20 පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව වූයේ ශෂිකලා සිරිවර්ධනයි.

වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන මහතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මීට අමතරව දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ කණ්ඩායම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූ අතර. තවත් විශේෂ සම්මාන කිහිපයක් ද පිරිනැමීමට කටයුතු කෙරුණා.

එම සම්මාන හිමි වූ අයුරු පහතින් –

Best Batter – Womens Cricket ( Division 1 – 50 over ) – Yasoda Mendis – Air Force Sports Club
Best Bowler – Womens Cricket ( Division 1 – 50 over ) – Inoka Ranaweera -Navy Sports Club Best
All rounder – Womens Cricket ( Division 1 – 50 over ) – Chamari Polgampola – Air Force Sport Club
Joint Champions – Womens Cricket ( Division 1 – 50 over ) – -Chilaw Marians Cricket Club
-Navy Sports Club
Best Batsman – Major League Tier B 2018 /19 – Damith Perera – Kurunegala YCC
Best Bowler – Major League Tier B 2018 /19 – Dinuk Hettiarachchi – Police Sports Club
Best All Rounder – Major League Tier B 2018 /19 – Geeth Kumara – Lankan Cricket Club
Runner up – Major League Tier B 2018 /19  Navy Sports Club
Winner – Major League Tier B 2018 /19 – Lankan Cricket Club
Emerging Cricketer of the year 2018/19 – Pathum Nissanka
Best Batsman – Major Limited Over 2018/19 – Sachithra Senanayake – Sinhalese Sports Club
Best Bowler – Major Limited Over 2018/19 – Nishan Peiris – Ragama Cricket Club
Best All Rounder – Major Limited Over 2018/19 – Sachithra Senanayake – Sinhalese Sports Club
Runner up – Major Limited Over 2018/19 – Colombo Cricket Club
Winner – Major Limited Over 2018/19 -Sinhalese Sports Club
Best Batsman – Major T20 2018/19 – Dinesh Chandimal – Nondescripts Cricket Club
Best Bowler – Major T20 2018/19 – Malinda Pushpakumara – Colombo Cricket Club
Best All Rounder – Major T20 2018/19 -Seekuge Prasanna – Army Sports Club
Runner up – Major T20 2018/19 – Nondescripts Cricket Club
Winner – Major T20 2018/19 – Moors Sports Club
Best Batsman – Major League Tier A 2018/19 – Oshada Fernando – Chilaw Marians Cricket Club
Best Bowler – Major League Tier A 2018/19 – Malinda Pushpakumara – Colombo Cricket Club
Best All Rounder – Major League Tier A 2018/19 – Sachithra Serasinghe – Tamil Union Cricket Club
Runner up – Major League Tier A 2018/19 – Saracens Sports Club
Winner – Major League Tier A 2018/19 – Colombo Cricket Club
Domestic Umpire of the year 2018/19 – Lyndon Hannibal
Match referee of the year 2018/19 ( Domestic) – Manoj Mendis
Lifetime Award for Journalism – Print Media – Shamil Amit
Lifetime Award for Journalism – Electronic Media – Kamal Deshapriya
Life Time Award 01- K. M Nelson
Life Time Award -02 – Nuski Mohamed
Life Time Award -03 – Lucian Merinnage
Most Renowned Cricketing Cheer Leader In The World – Percy Abeysekera

You might also like

Leave A Reply

Your email address will not be published.