විලියම්සන් සහ ටේලර්ගේ ශතක හමුවේ එංගලන්තය තරගාවලිය පරදියි

Match Report

0 660

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ, අද නිමා වූ දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමගයි.

තරගයේ අවසන් දිනය වූ අද (3) දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 241ක් ලබා සිටියා.

නායක කේන් විලියම්සන් ලකුණු 104 ක් සහ රෝස් ටේලර් ලකුණු 105ක් ලබා ගනිමිනුයි නොදැවී කඩුල්ලේ රැදී සිටියේ.

හැමිල්ටන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 375ක් ලබා ගත්තා.

ටොම් ලේතම් ලකුණු 105යි.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 4ක් බිද හෙලුවා.

අනතුරුව එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට්ගේ තෙවන ද්විත්ව ශතකයෙන් සහ රොරී බර්න්ස්ගේ ශතකයෙන් සවිමත් වූ එංගලන්තය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 476ක්.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ජෝ රූට් ලකුණු 226ක් රැස් කළේ හයේ පහර 1ක් සහ හතරේ පහර 22ක් සමගින්.

පන්දු යැවීමේ දී නෙයිල් වැග්නර් කඩුලු 5ක් බිද හෙලුවා.

තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔහුයි.

You might also like

Leave A Reply

Your email address will not be published.