NEW ZEALAND TOUR OF SRI LANKA

“4 වැනි ඉනිම ලේසි වෙන එකක් නෑ” – ලක්මාල් කණ්ඩායමේ පළමු අරමුණත් පහදයි

පළමු දිනයට වඩා දෙවන දිනයේ දී පන්දුවේ දග කැවීමක් මෙන්ම ඉපිලීමක් ද දැක ගත හැකි වූ බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පවසනවා.

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

ඉදිරි දිනවලදී දග කැවීම තවදුරටත් වැඩි වනු ඇති බවත්, එබැවින් සිව්වන ඉනිමේ පිතිකරණයේ නිරත වීම ශ්‍රී ලංකාවට පහසු නොවනු ඇති බවත් ලක්මාල් මෙහිදී කියා සිටියා.

හෙට පෙරවරුවේ දී ම නවසීලන්තය නව පන්දුව ලබා ගැනීමට නියමිතව ඇති බැවින් පළමු පන්දුවාර 10 තුළ දී තමාටත් දික්වැල්ලටත් දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

නවසීලන්තය පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම කණ්ඩායමේ පළමු අරමුණ බව ද ඔහු කියා සිටියා.

මේ අතර, සිය පිතිකරණ හැකියාව වර්ධනය කර ගැනීම සදහා ද පසුගිය කාලයේ දී වඩාත් වෙහෙස වී තමා කටයුතු කළ බවයි මෙහිදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සුරංග ලක්මාල් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top