INDIA TOUR OF WEST INDIES

300 වැනි එක්දින තරගයේ දී ක‍්‍රිස් ගේල්ගෙන් වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ඊයේ තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණ.

ඒ, කොදෙව්වන් වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස ඉතිහාස ගත වෙමින්.

ඔහු මෙම දක්ෂතාවය දැක් වූයේ ඉන්දියාව සමග පැවැති දෙවන එක්දින ක‍්‍රිකට් තරගයේ දීයි.

එහිදී ලකුණු 11ක් රැස් කළ ක‍්‍රිස් ගේල් මේ වන විට එක්දින පිටියේ දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 10,353ක්.

මීට පෙර කොදෙව්වන් වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් අදාළ වාර්තාවට හිමිකම් කීවේ හිටපු නායක බ‍්‍රයන් ලාරා.

ඔහු ලබා ගෙන තිබූ එක්දින ලකුණු සංඛ්‍යාව 10,348ක්.

ඒ අනුව මෙම තරගය ආරම්භයට පෙර ක‍්‍රිස් ගේල්ට බ‍්‍රයන් ලාරා පසුකර යාමට අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාවක් 7ක්.

මෙම තරගය ක‍්‍රිස් ගේල් සහභාගී වූ 300 වැනි ජාත්‍යන්තර එක්දින තරගය වීම ද විශේෂත්වයක්.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top