NEWS

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක්වන ලකුණු – එම්.සී.සී රැස්වීමේ දී හෙළිවෙයි

2028 වසරේ දී ලෝස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) දැඩි අවධානය යොමුව තිබෙනවා.

එම්.සී.සී(මාරිලිබෝන්) ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති මයික් ගාටින්(Mike Gatting) සදහන් කළේ අයි.සී.සී ප්‍රධාන විධායක නිළධාරී මනූ සව්හ්නී ලෝඩ්ස්හීදී පැවැති කමිටු රැස්වීමට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් සුබවාදී අදහස් ප්‍රකාශ කළ බවයි.

ඔහු ඒ පිළිබද දැඩි බලාපොරොත්තුවකින් පසුවන බව ද මයික් ගාටින්  කියා සිටියා.

මේ වන විට අයි.සී.සීය ප්‍රධාන වශයෙන් කටයුතු කරමින් සිටින්නේ එම අරමුණ සදහා බවත්, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ගැනීමට හැකි වුවහොත් එය ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ශක්තියක් වනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙනවා.

එම්.සී.සී ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරි මාස 18ක කාලය මෙහිදී ඉතා තීරණාත්මක වනු ඇති බවයි.

තවද 2022 වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා කාන්තා ක්‍රිකට් තරගාවලියක් ඇතුළත් කිරීමට මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්ලසය කටයුතු කරමින් සිටිනවා.

අදාළ ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් වන අවසන් නිල නිවේදනය ඉදිරි දින දෙක තුළ දී ලැබෙනු ඇති බවයි මයික් ගාටින් අවධාරණය කළේ.

එම්.සී.සී(මාරිලිබෝන්) ලෝක ක්‍රිකට් කමිටු රැස්වීම ඊයේ(12) සහ පෙරේදා(11) දිනවලදී එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, එහි සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ කුමාර් ධර්මසේන ද කටයුතු කරනවා.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top