NEWS

20යි 20 නායකත්වය ඩී කොක්ට – ඩු ප්ලෙසිස් සංචිතයෙනුත් ඉවතට

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ක්වෙන්ටන් ඩී කොක්ට පැවරී තිබෙනවා.

තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට නව ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ටෙම්බා බවුමා, අන්රිච් නෝර්ට්ජ් (Anrich Nortje) සහ Bjorn Fortuin දකුණු අප්‍රිකා 20යි 20 සංචිතයට නම් කර ඇති බව සදහන්.

ඊට ෆෆ් ඩු ප්ලෙසිස් ඇතුළත් කර නැහැ.

කෙසේ වෙතත්, ඔහු ඉන්දීය තරග සංචාරයට ඇතුළත් තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

උප නායකයා ලෙස කටයුතු කරන්නේ ටෙම්බා බවුමා.

ටෙස්ට් සංචිතයට ද නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්. (Nortje, Rudi Second, Senuran Muthusamy)

20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ රසී වැන් ඩර් ඩුසේන්.

Test squad:

Faf du Plessis (capt), Temba Bavuma (vice-capt), Theunis de Bruyn , Quinton de Kock , Dean Elgar , Zubayr Hamza , Keshav Maharaj , Aiden Markram , Senuran Muthusamy, Lungi Ngidi , Anrich Nortje , Vernon Philander , Dane Piedt , Kagiso Rabada , Rudi Second

T20I squad:

Quinton de Kock (capt), Rassie van der Dussen (vice-capt), Temba Bavuma , Junior Dala , Bjorn Fortuin, Beuran Hendricks , Reeza Hendricks , David Miller , Anrich Nortje , Andile Phehlukwayo , Dwaine Pretorius, Kagiso Rabada , Tabraiz Shamsi , Jon-Jon Smuts


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top