ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට ප්‍රබලයින් රැසක් කැදවයි

0 939

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

එහි විශේෂත්වය වන්නේ සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් ද සංචිතයට කැදවා තිබීමයි.

ඔහු ඔස්ට්‍රේලියානු 20යි 20 කණ්ඩායම සදහා අවසන් වරට ක්‍රීඩා කර තිබුණේ මීට වසර තුනහමාරකට පෙරයි.

නිමා වූ අලුබදුන තරගාවලියේ දී අසාර්ථක වූ ඩේවිඩ් වෝනර් ද මෙම සංචිතයට නම් කර ඇති අතර, එම තරගාවලියට එක් වූ මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් ද 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා තරගාවලියෙන් පසුව පාකිස්තානයට එරෙහි 20යි 20 තරගාවලියකට ද ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ ද මෙම සංචිතයම බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් යුත් 20යි 20 තරගාවලිය ලබන 27 වනදා ඇඩිලේඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

Australia squad:

Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Glenn Maxwell, Ben McDermott, Kane Richardson, Steve Smith, Billy Stanlake, Mitchell Starc, Ashton Turner, Andrew Tye, David Warner, Adam Zampa

[series-matches series_id=”2344″]

You might also like

Leave A Reply

Your email address will not be published.