NEW ZEALAND TOUR OF SRI LANKA

20යි විස්සේ අඛණ්ඩව කඩුලු 4ක් දවා ගත් දෙවැනියා මාලිංග බව ඔබ දන්නවා ද?

ශ‍්‍රී ලංකා 20යි 20 නායක හා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අද යළි ඉතිහාස ගත වුණා.

ඒ, යළිත් වරක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ දී අඛණ්ඩව පන්දු 4ක් තුළ කඩුලු 4ක් දවා ගනිමින්.

එවැනි අවස්ථාවක් ජාත්‍යන්තර ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා වන්නේ තෙවැනි වතාවටයි.

මීට පෙර ලසිත් මාලිංග විසින්ම 2007 වසරේ ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී දකුණු අපි‍්‍රකාවට එරෙහිව පිට පිට කඩුලු 4ක් දවා ගෙන තිබුණා.

එමෙන්ම මෙම වසරේ දී ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් ද අයර්ලන්තයට එරෙහිව 20යි 20 තරගයක දී අඛණ්ඩව කඩුලු 4ක් දවා ගනිමින් එවැනි දස්කමක් දැක් වීමට සමත් වුණා.

ඒ අනුව මාලිංග අද සනිටුහන් කළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පන්දු යවන්නෙකු පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් තෙවැනි අවස්ථාවයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top