Ultimate magazine theme for WordPress.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පළමු තරගය එංගලන්තය සහ ඉන්දියාව අතර

එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තරග කාලසටහන අද(10) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 4ක්, 20යි 20 තරග 5ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියලු තරග ක්‍රීඩාංගන තුනකදී පමණක් පැවැත්වීමට තීරණය කළ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව පෙබරවාරි 5 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය චෙන්නායි හී දී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

අනතුරුව තෙවැනි ටෙස්ට් තරගය ලොව විශාලතම ක්‍රීඩාංගනය ලෙස නවීකරණය කරන ලද අහ්මදාබාද් ක්‍රීඩාංගනයේ දි දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇති.

ප්‍රේක්ෂකයින් 110,000කට එම ක්‍රීඩාංගනයේ තරග නැරඹිය හැකි වන පරිදි මේ වන විට එම ක්‍රීඩාංගය නවීකරණය කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

ටෙස්ට් තරගාවලියෙන් පසුව තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මාර්තු 12 වනදා අහ්මදාබාද් හී දී ම ආරම්භ වන අතර, තරග පහම එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු 23 වනදා ආරම්භ වන්නේ පූනේ හී දි යි.

තරග කාලසටහන –

Tests :

1st Test – 5th – 9th Feb : Chennai

2nd Test – 13th – 17th Feb : Chennai

3rd Test (D/N) – 24th – 28th Feb : Ahmedabad

4th Test – 4th – 8th March : Ahmedabad

T20Is : 

1st T20I – 12th March : Ahmedabad

2nd T20I – 14th March : Ahmedabad

3rd T20I – 16th March : Ahmedabad

4th T20I – 18th March : Ahmedabad

5th T20I – 20th March : Ahmedabad

ODIs:

1st ODI – 23rd March : Pune

2nd ODI – 26th March : Pune

3rd ODI – 28th March : Pune

Leave a comment