Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද(12) දිවයිනට පැමිණ තිබෙනවා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් මෙරටට ළගා වූ බව සදහන්.

බංග්ලාදේශ කණ්ඩායම ලබන 17 වනදා සහ 18 වනදා කටුනායකදී දෙදින පුහුණු තරගයකට එක්වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙනුයි එය මෙම වසරට කල් දැමුණේ.

bangladesh tour of sri lanka 2021 © SLC

Leave a comment