Ultimate magazine theme for WordPress.

ඉන්දීය කණ්ඩායමේ කොදෙව් සංචාරයේ කාලසටහන නිකුත් වෙයි

ජූලි-අගෝස්තු මාසවලට යෙදී ඇති ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන කොදෙව් ක්‍රිකට් ආයතනය අද(12) නිවේදනය කළා.

සංචාරය යටතේ කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3 ක් හා 20යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එම තරගාලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

ජූලි 12 වැනිදා පළමු ටෙස්ට් තරගය ද, ජූලි 20 වැනිදා දෙවැනි ටෙස්ට් තරගය ද ආරම්භ වීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය ඉතිහාසගත වන්නේ දෙරට අතර පැවැත්වෙන 100 වැනි ටෙස්ට් තරගය ලෙසයි.

ටෙස්ට් තරගාවලියෙන් පසුව ඉන්දියාව හා කොදෙව්වන් අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ජූලි 27 වැනිදා ආරම්භ වන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පළමු 20යි 20 තරග 3 ට්‍රිනිඩෑඩ් හා ගයානා හී දී පැවැත්වීමට නියමිත බවත්, අවසන් 20යි 20 තරග 2 ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහී දී පැවැත්වීමට නියමිත බවත් කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

MATCH SCHEDULE

Test Matches

  • 12-16 July: 1st Test Match, Windsor Park, Dominica
  • 20-24 July: 2nd Test Match, Queen’s Park Oval, Trinidad

ODIs

  • 27 July: 1st CG United ODI, Kensington Oval, Barbados
  • 29 July: 2nd CG United ODI, Kensington Oval, Barbados
  • 1: August: 3rd CG United ODI, Brian Lara Cricket Academy, Trinidad

T20 Internationals

  • 3 August: 1st T20I, Brian Lara Cricket Academy, Trinidad
  • 6 August: 2nd T20I, National Stadium, Guyana
  • 8 August: 3rd T20I, National Stadium Guyana
  • 12 August: 4th T20I, Broward County Stadium, Lauderhill, Florida
  • 13 August: 5th T20I, Broward County Stadium, Lauderhill, Florida
Leave a comment