සිමන්ස්ගේ විශිෂ්ඨ පිතිකරණයත් සමග කොදෙව්වන් තරගාවලිය සම කරයි

0 305

ඉන්දියාව සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තිරුවානන්තපුරම්හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා.

Shivam Dube පන්දු 30කින් ලකුණු 54ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී කෙස්රික් විලියම්ස් සහ හෙයිඩ්න් වොල්ෂ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 67ක් සහ එවින් ලුවිස් ලකුණූ 40ක් රැස් කළා.

නිකලස් පූරන් නොදැවී ලකුණූ 38යි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

You might also like

Leave A Reply

Your email address will not be published.