ස්මිත් අධ්‍යක්ෂධූරයට පත් කෙරේ – අයි.පී.එල් නිසා ගැටලුවක්

0 140

දකුණු අප්‍රිකානු පළමු ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස හිටපු නායක ග්‍රෑම් ස්මිත් පත් කර තිබෙනවා.

මාස තුනක කාලයකට පමණක් තාවකාලික පදනම මත ඔහුව එම ධූරය සදහා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව එම තනතුරට පත් කිරීම සදහා පසුගිය කාලය පුරාවට දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබුණා.

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ඔහු කටයුතු කරන බැවින් 38 හැවිරිදි ස්මිත් මෙම අවස්ථාවේ දී දීර්ඝ කාලීනව එම ධූරය භාර ගැනීමෙන් වැළකී ඇති බව සදහන්.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මෙම නව තනතුර පිහිටු වීමට කටයුකු කෙරුණු අතර, එරට ක්‍රිකට් ආයතනය යටතට අයත් සියලු ක්‍රිකට් තරග අධීක්ෂණය කිරීම ක්‍රිකට් අධ්‍යක්ෂවරයාට පැවරෙන වගකීම වනු ඇති.

You might also like

Leave A Reply

Your email address will not be published.