NEWS

ස්මිත්ට ලකුණු 8කින් ශතකය අහිමි වෙයි – එංගලන්තය ලකුණු 104ක් ඉදිරියෙන් – Day 4 Report

cricinfo

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96ක්.

බෙන් ස්ටොක්ස් ලකුණු 16ක් සහ ජොස් බට්ලර් ලකුණු 10ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

රෝරි බර්න්ස් ලකුණු 29යි.

නායක ජෝ රූට් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ පීටර් සිඩ්ල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ඉනිමේ දී ඩේවිඩ් වෝනර් අතින් උඩ පන්දු දෙකක් ගිලිහී ගිය අතර, කඩුල්ල මුවා කිරීම යටතේ පිතිකරුවන් දවා ගැනීමට තිබූ අවස්ථා දෙකක් ද විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය භාවිතයට නොගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට මග හැරී ගියා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාවේ සියලු පිතිකරුවන් ලකුණු 250කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණේ සිය කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 8ක් ඉදිරියෙන් තබමින්.

තරගාවලියේ අඛණ්ඩව තෙවැනි ශතකය ලබා ගැනීමේ අවස්ථාව මෙම ඉනිමේ දී ස්ටීවන් ස්මිත්ට අහිමි වූයේ ඔහු ලකුණු 92කට දැවී යාම හේතුවෙන්.

Also Read : ආචර්ගේ බවුන්සර් පන්දුවක් වැදී ස්මිත් ක්‍රීඩාංගනයෙන් ඉවත් වෙයි

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 4ක් බිද හෙලුවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 258ක්.

ඒ අනුව එංගලන්තය මේ වන විට දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 104ක්.

තරගයේ ලකුණු සටහන මෙතනින්


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top