NEWS

ස්ටීවන් ෆ්ලෙමින්ග්ටත් පන්දු සියයේ පුහුණුකාරධූරයක්

Getty images

එංගලන්තයේ පැවැත්විමට නියමිත පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දී නොටින්හැම් නගරය පදනම් කර ගත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින්ග් පත් කර තිබෙනවා.

46 හැවිරිදි ඔහු 2005 වසරේ දී නොටින්හැම්ෂෙයාර් කණ්ඩායමට එරට ප්‍රාන්ත තරගාවලිය ජය ගැනීම සදහා නායකත්වය ද ලබා දී තිබුණා.

එමෙන්ම ස්ටීවන් ෆ්ලෙමින්ගේ පුහුණුකාරීත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා තුනකදී අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

තරගාවලියට එක්වන සවුත්හැම්ටන් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනයි.

ලබන වසරේ දී අදාළ තරගාවලිය නගර කේන්ද්‍රකරගත් කණ්ඩායම් අටකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරග ක්‍රමවේදයන් –

පන්දු යැවීමේ අන්ත මාරු වීම සෑම පන්දු 10කට වරක් සිදු වේ.

එක් පන්දු යවන්නෙකුට අඛණ්ඩව පන්දු 5ක් හෝ 10ක් යැවිය හැකි අතර, එක් පන්දු යවන්නෙකුට යැවිය හැකි උපරිම පන්දු ප්‍රමාණය 20ක්.

පවර්ප්ලේ අවස්ථාව හිමි වන්නේ ඉනිමේ පළමු පන්දු 25 සදහායි.

strategic timeout (උපක්‍රමශීලී කෙටි විරාමයක් ලෙස හැදින්විය හැක) ලෙස මිනිත්තු 2.30 ක කාලයක් ලබා ගැනීමේ අවස්ථාව සෑම පන්දු යැවීමේ කණ්ඩායමකටම හිමිවනවා.

මෙම තරගාවලිට අදාළව මේ වන විට පත් කර ඇති පුහුණුකාවරුන් –

Birmingham: Andrew McDonald (Australia, men’s); women’s TBA

Cardiff: Gary Kirsten (South Africa, men’s); Matthew Mott (Australia, women’s)

Leeds: Darren Lehmann (Australia, men’s); Danielle Hazell (England, women’s)

London (Lord’s): Shane Warne (Australia, men’s); Lisa Keightley (Australia, women’s)

London (The Oval): TBA

Manchester: Simon Katich (Australia, men’s); women’s TBA

Nottingham: Stephen Fleming (New Zealand, men’s); Salliann Briggs (England, women’s)

Southampton: Mahela Jayawardene (Sri Lanka, men’s); Charlotte Edwards (England, women’s)


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top