NEWS

ෂෙසාඩ්ගේ කොන්ත‍්‍රාත් ගිවිසුම අවලංගු කෙරේ

AFP

ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහොමඞ් ෂෙසාඞ් ගේ කොන්ත‍්‍රාත් ගිවිසුම තාවකාලිකව අවලංගු කිරීමට එරට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ඔහු කි‍්‍රකට් ආයතනයේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංගනය කිරීම හේතුවෙන්.

විදෙස් ගතවීමකදී කි‍්‍රඩකයින් ඒ පිළිබඳ කි‍්‍රකට් ආයතනය දැනුවත් කළ යුතු වුව ද මොහොමඞ් ෂෙසාඞ් විදෙස්ගත වූ අවස්ථාවකදී එවැනි දැනුම්දීමක් කර නොමැති බවයි එරට කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

විනය නීති උල්ලංඝනය කළ බවට ඔහුට ලෝක කුසලාන තරගාවලියේ දී ද චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා ඇෆ්ඝනිස්තාන ක‍්‍රිකට් ආයතනයේ විනය කමිටුව අවස්ථා දෙකකදී රැස් වුවද එම අවස්ථා දෙක සදහාම මොහොමඩ් ෂෙසාඩ් සහභාගී වූයේ නැහැ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top