ෂාමිගේ කඩුලු 5 ඉන්දියාවට දැවැන්ත ජයක් ගෙන එයි

Match Report

0 135

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 203 ජයක් වාර්තා කිරීමට  ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද (6) දිනය ආරම්භයේ දී ලකුණු 395ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 191ක් පමණයි.

Dane Piedt ලකුණු 56ක් සහ Senuran Muthusamy නොදැවී ලකුණු 49ක් රැස් කළා.

දකුණු අප්‍රිකා ඉනිමේ කඩුලු 8ක් ලකුණු 70ක්ව තිබියදී බිද වැටුණු අතර, අනතුරුව 9 වන කඩුල්ල සදහා Dane Piedt සහ Senuran Muthusamy අතර ලකුණු 91ක සබදතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි කඩුලු 5ක් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක් බිද හෙලුවා.

විසාකාපට්නම්හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලූ 7ක් දැවී ලකුණු 502ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

රෝහිට් ෂර්මා ලකුණු 176ක් රැස් කළ අතර, මයාන්ක් අගාර්වල් ලකුණු 215ක් ලබා ගත්තා.

තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 431ක් ලබා ගත්තා.

එහිදී ඩීන් එල්ගර් ලකුණු 160ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 111ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ආර්. අශ්වින් කඩුලු 7ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තිරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 323ක් ලබා සිටියදීයි.

පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගත් රෝහිට් ෂර්මා දෙවන ඉනිමේ දී ද ලකුණු 127ක් ලබා ගත්තා.

තරගයේ ලකුණු සටහන මෙතනින්

You might also like

Leave A Reply

Your email address will not be published.