NEW ZEALAND TOUR OF SRI LANKA

ශ‍්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි – දෙවන දිනට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කටුනායක දී පැවැත්වෙන තෙදින පුහුණු ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය(9) අදයි.

කෙසේ වෙතත් වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ කිසිදු පන්දුවාරයක් ක‍්‍රියාත්මත කිරීමට හැකි වූයේ නැහැ.

ඊයේ දිනට තරගය නතර කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලූ‍ 6ක් දැවී ලකුණූ 323ක් ලබා සිටියා.

ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික‍්‍රම ලකුණු 154ක සබදතාවයක් ගොඩ නැගුවා.

ධනුෂ්ක ලකුණූ 98කටත්ල සධීර ලකුණු 80කටත් දැවී ගියා.

නායක අශාන් ප‍්‍රියන්ජන් නොදැවී ලකුණු 56යි.

පන්දු යැවීමේ දී අජාස් පටෙල් කඩුලූ‍ 5ක් බිද හෙලූ‍වා.

මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර ඇති අතර, ඒ අනුව හෙට දිනයේ දී නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහර දීමටයි නියමිතව ඇත්තේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top