NEWS

ශාන්ත ලුසියා ස්ටාර්ස් සී.පී.ල් තරග පිටියෙන් ඉවත් කෙරේ

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියෙන් ශාන්ත ලුසියා ස්ටාර්ස් කණ්ඩායම ඉවත් කර තිබෙනවා.

ඒ, තරග සංවිධායකයින් විසින් එම කණ්ඩායමේ හිමිකාරීත්වය දරන රෝයල් ක‍්‍රීඩා සමාජය සමග ඇති ගිවිසුම අවසන් කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් 4 වනදා ආරම්භ වන සී.පී.එල් තරගාවලිය සදහා කණ්ඩායමක් ඇතුළත් කිරීමේ අයිතිය රෝයල් ක‍්‍රීඩා සමාජයට අහිමි වනු ඇති.

ඔවුන් වෙනුවට ශාන්ත ලුසියා පදනම් කර ගත් වෙනත් කණ්ඩායමක් මෙවර තරගාවලියට එක් වනු ඇති බවයි වාර්තා වන්නේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top