ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට නව පත් කිරීමක්

0 248

එංගලන්ත කණ්ඩායමේ දග පන්දු පුහුණු උපදේශක ලෙස Jeetan Patel පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා තරග සංචාර අරමුණු කර ගනිමින්.

39 හැවිරිදි Jeetan Patel නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 24කට, එක්දින තරග 43කට සහ 20යි 20 තරග 11කට ක්‍රීඩා කර තිබුණා.

ඔහු ලබන 24 වනදා දකුණු අප්‍රිකාවේ දී එංගලන්ත සංචිතය හා එක් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.