ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

0 11

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වෙන බව එරට ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් තහවුරු කළා.

ඒ අනුව ටෙස්ට් තරග දෙක අප ‍වෙබ් අඩවිය ද මීට පෙර වාර්තා කළ පරිදි රවල්පින්ඩි සහ කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11-15 දක්වා ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 19-23 දක්වා ද පැවැත්වෙනු ඇති.

මීට පෙර අදාළ ටෙස්ට් තරගාවලිය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ආරක්ෂක ගැටලු හේතුවෙන් තරගාවලිය දෙසැම්බර් මාසයට කල් දැමුණා.

පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම ද විශේෂත්වයක්.

අවසන් වරට එරට දී ටෙස්ට් තරගාවලියකට එක් වූ කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

2009 වසරේ දී ටෙස්ට් තරගාවලියකට එක්ව සිටියදීයි ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවර දී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූයේ.

ඉන් අනතුරුව මෙතෙක් කිසිදු කණ්ඩායමක් එරට දී ටෙස්ට් තරගාවලියකට එක් වී නැහැ.

You might also like

Leave A Reply

Your email address will not be published.