ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ යෝජිත ක්‍රීඩාංගන මෙන්න

0 11

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන දෙසැම්බර් මාසයේ දී පාකිස්තානයේ ටෙස්ට් තරග සංචාරයක නිතර වීමේ අවස්ථාව ඉහළ මට්ටමක පවතින බව වාර්තා වනවා.

මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත්තේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග රවල්පින්ඩි සහ කරච්චි (Rawalpindi and Karachi) හී දී පැවැත්වීමටයි.

රවල්පින්ඩි හී දී අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ ඉන්දීය කණ්ඩායම 2004 වසරේ දී එරට සිදු කළ සංචාරයේ දී යි.

කෙසේ වෙතත්, එළඹෙන ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ දී පවත්වන්නේ නම් ඊට ශ්‍රී ලංකාවේ සියලු ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් එක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝම්බර් 09 වනදා දක්වා කාලයේ දී ද පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූ නමුත් ඊට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 10 දෙනෙකු එක් නොවූයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්.

You might also like

Leave A Reply

Your email address will not be published.