ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය හෙට

0 99

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය හෙට (3) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

ගත වූ වසරේ ජාත්‍යන්තර මෙන්ම දේශීය ක්‍රිකට් පිටිය තුළ දැක් වූ දක්ෂතා වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සම්මාන උළෙල හෙට රාත්‍රී  7ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී සමස්ථ සම්මාන 45 ක් පිරිනැමීමට නියමිතයි.

එහිදී ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකු සම්මානයෙන් පිදුම් ලබනු ඇති.

ජාත්‍යන්තර තරග අංශය යටතේ සම්මාන 17 ක් (පිරිමි/කාන්තා) ප්‍රදානය කිරීමට නියමිතයි.

මෙම සම්මාන ප්‍රදානයේදී ද වසරේ දක්ෂතම ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරයාට මෙන්ම වසරේ තරග තීරකවරයාට ද සම්මාන පිරිනැමීමට නියමිත බව සදහන්.

මීට අමතරව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මාන ද්විත්වයක් ද පිරිනැමීමට මෙවර සම්මාන ප්‍රදානයේදී කටයුතු යොදා තිබෙනවා.

පිරිනැමෙන සම්මාන –

You might also like

Leave A Reply

Your email address will not be published.