ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු මෙන්න

0 12

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කර ඇති බව වාර්තා වනවා.

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළේ නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්තානය 2017 වසරේ දී අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ද හිමි කර ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික Shane Mcdermott පත් කර ඇති බව ද සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතා ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී මෙම අවසන් තීරණයවලට එළඹ තිබෙනවා.

You might also like

Leave A Reply

Your email address will not be published.