NEWS

දික්වැල්ල ඇතුළු 5ක් සංචිතයෙන් ඉවතට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සදහා වන අවසන් ශ‍්‍රී ලංකා සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් දරනු ලබන අතර, මීට පෙර නම් කළ ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මෙම සංචිතයෙන් ඉවත් කර ඇති බව සදහන්.

එමෙන්ම ලක්ෂාන් සදකැන්, ළහිරු මදුෂංක සහ අමිල අපොන්සු ද අවසන් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ලෝක කුසලාන සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයේ වෙනස්කම් 6ක් සිදුව තිබීම විශේෂත්වයක්.

ලසිත් මාලිංග පළමු තරගයට පමණක් ක්‍රීඩා කරන අතර, දසුන් ශානක දෙවන හා තෙවන තරගයට පමණක් ක්‍රීඩා කරනු ඇති.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top