ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශයට ජය

0 12

සංචාරක ශ්‍රී ලංකා යොවුන් (වයස අවුරුදු 19න් පහළ) කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

කුල්නාහි පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 31කට සීමා කෙරුණා

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.

නවෝද් පරණවිතාන ලකුණු 78යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු  32ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, ඒ අනුව මේ වන විට තරග 5කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමයි.

 

You might also like

Leave A Reply

Your email address will not be published.