ශ්‍රී ලංකාව ඕමානයටත් පරදියි

0 6

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු නැගී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(14) ආරම්භ වුණා.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද ඕමානයට එරෙහිව පැවැති අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 268ක් ලබා ගත්තා.

අශේන් බණ්ඩාර ලකුණු 62යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Jatinder Singh ලකුණු 131ක් රැස් කළා.

You might also like

Leave A Reply

Your email address will not be published.