“ශ්‍රී ලංකාවේ සූදානම හොද නැහැ” – පුහුණුකරු

0 13

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී තරගකාරීත්වයක් පෙන්නුමි කිරීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා මනා සූදානමකින් යුතුව එම තරගාවලියට එක්වීමට සිදු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසනවා.

ඒ සදහා විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ තණතීරුවලට සමාන වේගවත් තණතීරු ශ්‍රී ලංකාවේ ද සකස් කරමින් පුහුණුවීම් කටයුතු කිරීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාව සමග නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තුළින් පාඩම් රැසක් ඉගෙනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ බව ද රත්නායක මහතා තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත සදහන් කළා.

මෙම තරගාවලිය සදහා කණ්ඩායමේ සූදානම හොද තත්ත්වයක නොතිබූ බවට පෙනී යන බවයි හෙතෙම පැවසුවේ.

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සති හයකට පෙර හෝ වේගවත් තණතීරු සහිත ක්‍රීඩාංගනවල තරගාවලියක් ක්‍රීඩා කිරීම අතිශය වැදගත් බව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පෙන්වා දෙනවා.

 

You might also like

Leave A Reply

Your email address will not be published.