NEWS

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ටෙස්ට් සංචාරය තහවුරු වන ලකුණු

පාකිස්තානයේ ටෙස්ට් තරග සංචාරයකට එක්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පල කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අවම වශයෙන් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙම වසර අවසානයේ දී පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් හෝ පාකිස්තානයේ දී පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

මෙරට නිළධාරීන් පිරිසක් එරටට ගොස් ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කිරීම්වලින් පසුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තානයේ දී ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ.

සැලසුම්වලට අනුව සියල්ල සිදු වුවහොත් මෙය 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවර දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වනු ඇති.

කෙසේ වෙතත්, මේ පිළිබද අවසන් තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරින් සහ පාකිස්තානය අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top