ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතයට වසර 10කට පසු අලාම් කැදවයි

0 338

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

අසාර් අලීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්

ටෙස්ට් සංචිතය සදහා වසර දහයකට පමණ පසු ෆවඩ් අලාම් කැදවා තිබීම විශේෂත්වයක්.

පළමු පෙල තරගවලදී ලකුණු 12,000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇති ඔහු අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ නවසීලන්තයට එරෙහිව 2009 වසරේ දී යි.

කෙසේ වෙතත්, ඔහු එම වසරේ දී ම ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ශතකයක් ද වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතයට නම් කර සිටි ඉෆ්ටිකාර් අහ්මඩ් සහ මුසා කාන් මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 11 වනදා රවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතයි.

Pakistan squad:

Azhar Ali (c), Abid Ali, Asad Shafiq, Babar Azam, Fawad Alam, Haris Sohail, Imam-ul-Haq, Imran Khan, Kashif Bhatti, Mohammad Abbas, Mohammad Rizwan (wk), Naseem Shah, Shaheen Shah Afridi, Shan Masood, Yasir Shah, Usman Shinwari

You might also like

Leave A Reply

Your email address will not be published.