NEWS

ශ්‍රී ලංකාවට එරෙහි පරාජයෙන් පසු රැක ගත් ගෞරවය රැක ගන්න එන එංගලන්ත සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පස්වන හා අවසන් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සිව්වන තරගයට නම් කළ සංචිතයම අවසන් තරගයට ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් අදාල සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

ජේසන් රෝයි සහ ජොස් බට්ලර් මෙවර තරගාවලියේ දී පිතිකරණයෙන් දක්ෂතා අතර නොසිටිය ද ඔවුන් තවදුරටත් සංචිතයේ ස්ථානය රැක ගැනීම විශේෂත්වයක්.

මේ වන විට තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටින බැවින් තරගාවලිය පරාජයට පත් නොවීමටනම් එංගලන්තයට අවසන් ටෙස්ට් තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

එංගලන්තය 2001 වසරෙන් පසුව මෙතෙක් සිය රටේ දී අලුබදුන තරගාවලියක් පරාජයට පත්ව නැහැ.

එමෙන්ම 2014 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වීමෙන් අනතුරුව එංගලන්තය මෙතෙක් සිය මව්බිමේ දී කිසිදු ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව නොතිබීම ද විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පස්වන හා අවසන් ටෙස්ට් තරගය ලබන 12 වනදා ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England squad for fifth Test:

Joe Root (capt), Jofra Archer, Jonny Bairstow (wk), Stuart Broad, Rory Burns, Jos Buttler (wk), Sam Curran, Joe Denly, Jack Leach, Craig Overton, Jason Roy, Ben Stokes, Chris Woakes.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top