වොට්සන්ගේ ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වලට හැකර් ප්‍රහාරයක්

0 49

ඔස්ට්‍රේලියානු හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වලට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පසුගිය සිකුරාදා ඔහුගේ ට්විටර් ගිණුම මෙලෙස හැකර්කරුවන් අතට පත් වී තිබූ අතර, ඊයේ(15) දිනයේ දී ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ද හැකර්කරුවන් අතට පත් වී තිබුණා.

එහිදී හැකර්කරුවන් විසින් ට්විටර් ගිණුමෙහි නම, ඔහුගේ ඡායාරූපය පවා වෙනස් කර තිබූ අතර, විවිධ නීති විරෝධී අදහස් ද පල කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ෂේන් වොට්සන් සිය අනුගාමිකයින්ගෙන් සමාව ද ඉල්ලා තිබෙනවා.

ෂේන් වොට්සන්ගේ අදාළ ගිණුම්වල අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන දෙකකට අධිකයි.

You might also like

Leave A Reply

Your email address will not be published.